ජනාධිපති නිලධාරීන්ගේ වාහන පෙළපාලිය රුහුණු කුමාරිටත් වඩා දිගයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(19) පැවැසූයේ ජනාධිපතිවරයා ළඟ සිටින පහළ නිලධාරීන්ගේ වාහන පෙළපාලිය රුහුණු කුමාරියටත් වඩා දිග බවයි.
ඒ නිලධාරීන් කරන නාස්තිය නවත්වා එම මුදල් අහිංසක සොල්දාදුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ වාහන තුනක් පමණක් බවත් එය අගය කරන බවත් ඔහු කීවේය.
වීරක්කොඩි මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
790 Views
Comments