මාතර රෝහලේ ළදරු මළ සිරුරු ගොඩ ගැසිලා - ශීතාගාර කැඩී රෝහල පුරා දුර්ගන්ධය හමයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

මාතර රෝහලේ ළදරු මළ සිරුරු ගොඩ ගැසිලා - ශීතාගාර කැඩී රෝහල පුරා දුර්ගන්ධය හමයි

මාතර රෝහලේ ළදරු මළ සිරුරු ගොඩ ගැසිලා - ශීතාගාර කැඩී රෝහල පුරා දුර්ගන්ධය හමයි

රෝහල් ආරංචී මාර්ග සදහන් කරන්නේ අවසන් කටයුතු සිදු කිරීම සදහා රැගෙන නොගිය ළදරු මළ සිරුරු හා කොටස් 150 ක් පමණ මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතාගාරයක් තුළ වසරක පමණ කාලයක් තිස්සේ ගොඩ ගැසී තිබෙන බවයි.

 

නොමේරූ ළදරුවන්,අඩු බර දරු උපත්,ගබ්සා සිදු කිරීම් හා උපතේ දී විවිධ හේතුන් මත මිය ගිය බිළිඳු සිරුරු,කලල,දරු ගැබ් හා සැත්කම් මගින් ඉවත් කල අවයව කොටස් එසේ ගොඩ ගැසී තිබෙන බව දැන ගන්නට ඇත.

 

මේ නිසා එම සිරුරු හා කොටස් තැන්පත් කර තිබෙන ශීතාගාරය වෙනත් මල සිරුරු තැන්පත් කිරීමට නොහැකි තත්වයට පත්ව තිබේ.

 

තවද අදාල ශීතාගාරය නිසි පරිදි කූල් නොවීම නිසා එම සිරුරු නරක් වී දැඩි දුර්ගන්ධයක් පවතින බවද කියති.

views

955 Views

Comments

arrow-up