ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සෘජු ගුවන්ගමන් ඇරඹෙන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සෘජු ගුවන්ගමන් ඇරඹෙන ලකුණු

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සෘජු ගුවන්ගමන් ඇරඹෙන ලකුණු

කෙටිකලක් ඇතුළත ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

 

දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම පමාවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ඔහු පැවසීය.

 

කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාදවීම නිසා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කරයැවීම බරපතළ ගැටලුවක් බවට පත්වී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

 

දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් අරඹන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා කීය.

views

270 Views

Comments

arrow-up