ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

 

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති අතර ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 37,000 ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.

 

මේ වන විට දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ ය.

 

මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුණු ළමුන් තිස් දෙදෙනකු ප්‍රතිකාර ලබන අතර ඉන් දස දෙනෙකුට ඩෙංගු රක්තපාත තත්ත්වය පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

views

320 Views

Comments

arrow-up