මහ බැංකු අධිපති ලෙස යළි නන්දලාල් පත්කරන්න අගමැති නිර්දේශය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

මහ බැංකු අධිපති ලෙස යළි නන්දලාල් පත්කරන්න අගමැති නිර්දේශය

මහ බැංකු අධිපති ලෙස යළි නන්දලාල් පත්කරන්න අගමැති නිර්දේශය

මහ බැංකු අධිපති ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ පත් කරන ලෙසට නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමුකර ඇත.

 

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ධුර කාලය හෙට(30) අවසන් වීමට නියමිතව තිබිණි.

 

මහ බැංකුවේ අධිපති ලෙස නන්දලාල් වීරසිංහ නැවත පත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වන අතර ඒ අනුව මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නන්දලාල් වීරසිංහ නැවත මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම සඳහා නිර්දේශය ලබා දී තිබේ.

views

276 Views

Comments

arrow-up