සාදයක් වැටලීමට ගිය පොලිසියට පහරදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

සාදයක් වැටලීමට ගිය පොලිසියට පහරදෙයි

සාදයක් වැටලීමට ගිය පොලිසියට පහරදෙයි

මැණික්හින්න, ඕවිස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති කඩකරමින් සාදයක් පවත්වන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු මැදවල රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.

 

 අදාළ ස්ථානයට පොලිසිය යන විටත් අදාළ නිවසේ සාදයක් පැවැත්වෙමින් තිබී ඇති අතර නිරෝධායන නීතිය අනුව ඒ ආකාරයේ සාදයක් පැවැත්වීමට නොහැකි බව පොලිස් නිලධාරීන් එහි සිටි පිරිසට දැනුම් දුන් අවස්ථාවේදී එය පිළිගැනීමට අකමැතිවූ පිරිසක් පොලිස් නිලධාරීන් සමඟ බහින් බස්වීමක් සිදුකරගෙන ඇති අතර එම අවස්ථාවේ ප්‍රහාරය එල්ල කර තිබේ.


පොලිස් නිලධාරීන් ගමන් ගත් ජීප් රථයටද පහරදී ඇති අතර ඉන් ජීප් රථයේ ඉදිරිපස වීදුරුවටද අලාභානි සිදුව ඇත. 


සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 04 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් පවතී.

views

688 Views

Comments

arrow-up