රිදියගම සෆාරි උද්‍යානයේ කුප්‍රකට දැව ජාවාරමක් හෙළි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

රිදියගම සෆාරි උද්‍යානයේ කුප්‍රකට දැව ජාවාරමක් හෙළි වේ

රිදියගම සෆාරි උද්‍යානයේ කුප්‍රකට  දැව ජාවාරමක් හෙළි වේ

රිදියගම සෆාරි උද්‍යානය පරිශ්‍රයේ ඇති බුරුත ගස් කපා කොටස් කර රහසිගතව උද්‍යානයට අයත් ලොරි රථයෙන් ප්‍රවාහනය කරන තවත් ජාවාරමක් සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය වූ අතර ඉකුත් අප්‍රේල් මස 01 වනදා  අලුයම් කාලයේදී රිදියගම සෆාරි උද්‍යානය තුළ ඇති බුරුත ගස් කිහිපයක් කොටස් කර WP – LL 4388 දරණ CREW CAB වර්ගයේ ලොරි රථයෙන් රැගෙන ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම අවස්ථාවේ ලොරි රථය තුළ රිදියගම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් හේමන්ත සමරසේකර නමැති පුද්ගලයාද රැදී සිටි බව සිද්ධිය ඇසින් දුටු සත්වෝද්‍යාන සාක්ෂිකරුවන් සඳහන් කළේය.

 

අදාල ලොරිය සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව විසින් රිදියගම සෆාරි උද්‍යානය වෙත අනියුක්ත කළ වාහනයක් බවද තහවුරු වී තිබෙන බවත්, මෙලෙස බුරුත දැව ගත් ලොරි රථය එදින අලුයම් කාලයේ සූරියවැව සහ පදංගල යන ස්ථානවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්ද නවතා ප්‍රශ්න කර ඇති අතර එහිදි දෙහිවල සත්වෝද්‍යානයේ දර අවශ්‍යතාවය සඳහා මෙලෙස දැව ප්‍රවාහනය කරන බව ඔවුන් සඳහන් කර තිබේ.

views

281 Views

Comments

arrow-up