බුලත්කොහුපිටියේ තේ වත්තකින් මියගිය කොටියෙකුගේ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

බුලත්කොහුපිටියේ තේ වත්තකින් මියගිය කොටියෙකුගේ සිරුරක්

බුලත්කොහුපිටියේ තේ වත්තකින්  මියගිය කොටියෙකුගේ සිරුරක්

බුලත්කොහුපිටිය  ඉහළ උඩුව ප්‍රදේශයේ තේ වත්තක කොටියෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. මෙම  කොටියා මියගොස් තිබෙන්නේ  මද්දකට හසුවීමෙනි.
 


 මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 5ක් පමණ සහ දිගින් අඩි පහමාරක් පමණක්ම කොටියෙකු බවයි බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලය සඳහන් කළේ.



 කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.



මද්ද ඇටවූ  පුද්ගලයන් සොයා මේ වන විට පොලිසිය සහ වනජීවී නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.

views

206 Views

Comments

arrow-up