පිටි මිල යළිත් ඉහළට

තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් වල සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දැමුවේය. තිරිඟු පිටි කිලෝවක් මේ දිනවල රුපියල් 180 ක් පමණ වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.
බේකරි අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා කේක් කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමට සිදුවී ඇතැයිද සභාපතිවරයා කීවේය.
716 Views
Comments