සැලසුම් කළ පරිදි සියලු විභාග පැවැත්වීමට පියවර ගන්නවා - අධ්‍යාපන ඇමති

විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසිවල ගැටලුවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඒ අනුව සැලසුම් කළ පරිදි සියලු විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ වසර තුළ විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර සිසුන් දස දහසක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බවයි අස්ගිරි මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.
802 Views
Comments