“ජනතාවට පෝලිම්වල සෞඛ්‍ය පුරුදු මතක නෑ, කොවිඩ් රැල්ලක අවදානමක්” - වෛද්‍ය මල්කාන්ති ගල්හේන

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම්වල සිටින ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කරදමා හැසිරෙන බවත්, මෙම තත්ත්වය මත අප්‍රේල් මස අගවන විට කොවිඩ් පැතිරීමේ අවදානමක් මතුවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ඊයේ(23) පැවසුවාය.
ඉතා හොඳින් කොවිඩ් පාලනය කළ එංගලන්තය, චීනය ඇතුළු රටවල් කිහිපයක ඔමික්‍රෝන් දරුණු ප‍්‍රභේදයක් පැතිරෙමින් තිබෙන බවත් ඇය පැවසුවාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය,
“සමාජය තුළ කොවිඩ් තත්ත්වය අඩු වුණත් ආපසු කොයි මොහොතේ මේක හිස ඔසවයිද කියන්න බැහැ.
මේ දිනවල ජනතාව තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම්වල ඉන්නවා.
සමහර අය මාස්ක් එකවත් හරියට දාන්නේ නැහැ.
කට්ටියම ළංවෙලා කතා කරන්නේ. කට්ටියට ඒ තරමටම සෞඛ්‍ය පුරුදු අමතක වෙලා.
මෙහෙම ගියොත් අපේ‍්‍රල් අග වෙනකොට දරුණු කොවිඩ් රැල්ලක් මතුවෙන්න පුළුවන්.”
690 Views
Comments