ඇමති රියදුරු ඝාතනයේ සැකකාර එකම පවුලේ සිව්දෙනා රිමාන්ඩ්

බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහරදී ඝාතනය කිරීමට සම්බන්ධ එකම පවුලේ සිව්දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අප්‍රේල් 05 වැනි දින දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කර තිබේ.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ පිළියන්දල, මාවිත්තර ගම්මාන -පාර පදිංචිව යුද හමුදාවේ විශ්‍රාමික කිමිදුම් සෙබල කනියප්පුලිගේ නන්දන තුෂාන්ත පිරිස්(52) ( පියා ) , තෙල් ගේ නිරෝෂණී රූපිකා පිරිස්(මව) (46) ඔවුන් දෙපළගේ පුතුන් දෙදෙනා වන තනියප්පුලිගේ නිරෝෂ් නිලුපුල් පිරිස්(21) හා යුද හමුදාවේ විශේෂ කාර්ය බලකායේ සේවය අත්හැර ගිය තනියප්පුලිගේ සමීර සම්පත් පීරිස් නොහොත් බොක්සර්(25) නැමැති එකම පවුලේ සිව්දෙනාය.
අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කිරීම සම්බන්ධ කතාවක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු ව ඇතැයි පොලිසිය පවසයි.
767 Views
Comments