මුහුද මැද අතරමංවූ රුවල් යාත්‍රාව නිරුපද්‍රිතව හම්බන්තොටට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

මුහුද මැද අතරමංවූ රුවල් යාත්‍රාව නිරුපද්‍රිතව හම්බන්තොටට

මුහුද මැද අතරමංවූ රුවල් යාත්‍රාව නිරුපද්‍රිතව හම්බන්තොටට

හම්බන්තොටට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට ලක්ව තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් සහ විදේශීකයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරයි.

 

පසුගිය 19 වැනිදා ත්‍රිකුණාමලය වරායෙන් මාලදිවයින වෙත ගමන් ආරම්භ කළ එම රුවල් යාත්‍රාව කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්ව ඇති බවත් කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට සිදුකළ දැනුම්දීමක් මත එම යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට පියවර ගත් බවත් නාවික හමුදාව සඳහන් කරයි.

 

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පී 422 වේග ප්‍රහාරක යාත්‍රාව හම්බන්තොට වරායෙන් පිටත් කළ බවත් ආපාදවට පත් රුවල් යාත්‍රාව සහ එහි සිටි පිලිපීන සහ ඕස්ටේ්‍රලියානු ජාතිකයින් දෙදෙනා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බවත් නාවික හමුදාව පැවසීය.

views

715 Views

Comments

arrow-up