කටුගස්තොට නිවසක ගින්නකින් පියා, දියණිය සහ පෙම්වතා ජීවිතක්‍ෂයට

කටුගස්තොට, මැණික්කුඹුර වත්තේ නිවසක ඇති වු ගින්නකින් එහි සිටි පියා, දියණිය සහ ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු නිවස තුළම පිළිස්සී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි.
මෙම ගිනි තැබීම මියගොස් සිටින දියණියගේ පෙම්වතා බව කියන පුද්ගලයාම සිදුකර ඇතැයි පොලීසිය සැක පලකරයි.
ගින්නෙන් මියගොස් තිබෙන ඊෂ්වරදේවන් නැමැති පියා කටුගස්තොට, රණවන මාර්ගයේ බුලත් විට අළෙවි කරමින් ජීවිකාව කරගෙන ගොස් තිබේ.
බරපතල පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවක් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය පිළිස්සී මියගිය දියණියගේ මව බවට හඳුනාගෙන ඇත.
තහඩු වලින් ආවරණය කළ ඉතා කුඩා නිවසක මෙම පිරිස ජීවත්ව තිබෙන අතර ගින්න පැතිර යනු දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී නිවසේ දොරක් විවෘත කර රාණිඅම්මා නැමැති මව බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.
කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
764 Views
Comments