ලක්ෂ අටක් මුදල් උස්සා පොලිසියට පැමිණිල්ලකුත් කළ බඩල්ගම හොරා

බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක මුදල් සොරකමක් සිදු කළ පුද්ගලයෙකු බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු, මෙම ආයතනයේ මුරකරු වන අතර ඔහු විසින් ම පසුගිය අප්‍රේල් මස 15 වනදා ලක්ෂ 8 ක සොරකමක් සිදු වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලිසිය පවසා සිටී.
බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් ආයතනයේ ගොඩනැගිල්ලට ඇතුළු වී ලාච්චුව කඩා ලක්ෂ 8 කට අධික මුදලක් සොරාගෙන ඇති බවයි.
සොරා ගත් මුදල් මුරකරු විසින් සිය නිවස ඉදිරිපස වළ දමා ඇති බව පොලිසිය පවසා සිටී. මෙම සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.
291 Views
Comments