සංචාරකයන්ට බලපෑම් කළ පිරිසක් ගුවන් තොටුපොල අසලින් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

සංචාරකයන්ට බලපෑම් කළ පිරිසක් ගුවන් තොටුපොල අසලින් අල්ලයි

සංචාරකයන්ට බලපෑම් කළ පිරිසක් ගුවන් තොටුපොල අසලින් අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී, සංචාරකයින්ට බලපෑම් කළ තැරැව්කරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම පුද්ගලයන් ගුවන්තොටුපල පිවිසීමේ දොරටුව අසල රැඳී සිටිමින් දිවයිනට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බලහත්කාරයෙන් කුලී රථ වලට යොමු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටී.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිසිය වෙත භාර දී ඇති බවද වාර්තා වේ.

views

255 Views

Comments

arrow-up