අලුත් ක්‍රමයකට මසුන් මැරූ ධීවරයෝ දෙකක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

අලුත් ක්‍රමයකට මසුන් මැරූ ධීවරයෝ දෙකක් දැලේ

අලුත් ක්‍රමයකට මසුන් මැරූ ධීවරයෝ දෙකක් දැලේ

නාවික හමුදාව මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය හා එක්ව මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ ඒකාබද්ධ මෙහෙයුමකදී විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් දෙදෙනෙකු සමග ඩිංගි යාත්‍රා දෙකක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන තිබෙන අතර, ඔවුන්ගේ ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්‍රා දෙක නීතිමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදී ඇති බව වාර්තා වේ

views

225 Views

Comments

arrow-up