දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය අද (23) දින සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 10ක් ලෙස පැවති අවම ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ගාස්තු ද මෙහි දී සංශෝධනය කර ඇත.
කෙසේ නමුත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ නව දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටින බවයි.
දුම්රිය ස්ථානවල රාජකාරි කටයුතු අධික වී ඇති බැවින් දැනට පවතින ගාස්තු අනුව ප්‍රවේශපත් නිකුත් කිරීමට සිය සංගමය තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කරයි.
243 Views
Comments