පක්ෂ 9 කණ්ඩායම අපේක්ෂකයන් සමඟ සාකච්ඡාවට සැරසේ

විධායක ජනාධිපති ධුරය සදහා ඉදිරිපත්වන අපේක්ෂකයන් සමඟ වෙන් වෙන් ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 9 නියෝජිතයන් ප්‍රකාශ කර සිටිනවා.
ඒ එම පක්ෂ 9හි නායකයන් අතර හමුවක් ඊයේ(15) කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාවේ දීයි.
මෙම සාකච්ඡාවේදී රටේ පවතින තත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී සහාය ලබාදෙන අපේක්ෂකයා පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේශ්වරන් සඳහන් කළේ ජනපති ධූරය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි.
211 Views
Comments