යළ කන්නයට පොහොර නිසි කලට දෙන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

යළ කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති කාර්යාලයේ දී පොහොර කාර්ය සාධක බළකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසුවේය.
විවිධ තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් දේශීයව කාබනික පොහොර වර්ග භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා පොහොර කාර්ය සාධක බළකායේ නිලධාරීන් යොදාගත යුතු බවද මෙහිදි අවධාරණය කළේය.
කාබනික පොහොර භාවිතා කිරීම පිළිබඳ නිසි ලෙස දැනුම්වත් නොකිරීම පසුගිය කන්නයේදී ඇතැම් ගොවීන් අසාර්ථකවීමට හේතුව න්‍ි ඇතැයි එහිදි සාකච්ඡාවට බඳුන් විය.
මෙවර එම අඩු පාඩු මගහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මගින් ගොවි ජනතාව නිසි ලෙස දැනුවත් කළ යුතු බවත් අදාළ සියලුදෙනා දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවත් ජනාධිපතිවයා උපදෙස් දුන්නේය.
665 Views
Comments