කොළඹට ජලය කැපේ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ වලට සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
642 Views
Comments