දොම්පෙ පාසලක ගොඩනැගිල්ලක් පුපුරයි.
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

දොම්පෙ පාසලක ගොඩනැගිල්ලක් පුපුරයි.

දොම්පෙ පාසලක ගොඩනැගිල්ලක් පුපුරයි.

දොම්පෙ අධ්‍යාපන කෙට්ඨාසයේ දොම්පෙ කිඹුල්විලවත්ත මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ලේ කුලුනු පිපිරී යාමට පටන් ගෙන ඇත. බිත්ති ද පිපිරීමට පටන්ගෙන ඇති බැවින් ගම්පහ ඉංජිනේරු අංශය විසින් ගොඩනැඟිල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ගොඩනැඟිල්ලේ සියලුම පන්ති කාමර ද කාර්යාලය ද ඉන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇත.


සිසු දරු දැරියන් 500 කට අධික සංඛ්‍යාවක් මෙහි අධ්‍යාපනය ලබයි. මෙම ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යන ලද පන්ති කාමර 04 සහ කාර්යාලය ඉවත් කර ගෙන ඇත. ගෘහ විද්‍යාගාරය, ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය පන්ති පවත්වාගෙන යාමට උපයෝගී කර ගෙන ඇති අතර, කාර්යාලය පුස්තකාලයට ගෙන ගොස් ඇත.


දෙමවුපියන් සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් සාදා දී ඇති ගොඩනැඟිල්ල තුළ අනෙකුත් පන්ති පවත්වාගෙන යාම සිදු කරයි.

views

308 Views

Comments

arrow-up