නව විකෘති කොවිඩ් ප්‍රභේදය "Omicron" ලෙස නම් කරයි

මේ වන විට ලොව රටවල් කිහිපයකින් හමුවූ දැඩි විකෘතිතාවයක් පෙන්නුම් කරනු ලබන B.1.1.529 කොවිඩ් ප්‍රභේදය "Omicron" ලෙස නම් කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත් අතර එය දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කොවිඩ් ප්‍රභේදයක් ලෙසද ලැයිස්තු ගත කර තිබෙනවා.
අනෙකුත් ප්‍රභේද හා සසඳන විට මෙම ප්‍රභේදය සමඟ නැවත ආසාදනය වීමේ අවදානම වැඩි බව මූලික පර්යේෂණ මගින් හෙළිවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මෙම ප්‍රභේදය ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානය දකුණු අප්‍රිකාවෙන් වන අතර. එය බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලයෙන් ද හඳුනාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව ප්‍රභේදයේ බලපෑම තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවයි.
722 Views
Comments