පසුගිය වසරේ මැයි 09 වන දා ගොණු කර තිබුණු පෙත්සම අද ඉල්ලා අස් කර ගනී

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් 39ක් පසුගිය වසරේ මැයි මස 09 වන දා සිදුවූ දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්නිගේ නිවාස දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොණු කර තිබුණු පෙත්සම අද (22) ඉල්ලා අස්කර ගැනුණි.
එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇති බවයි.
ඒ අනුව එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන බව පවසමින් උක්ත පෙත්සම ඉල්ලා අස්කර ගනු ලැබීය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දී තිබුණි.
එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වී තිබුණේ නඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු වන බවට කරුණු දක්වමිනි.
230 Views
Comments