අභිරහස් කාන්තා මරණය නිසා වැලිකඩ OIC ටත් වැඩ වරදී!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

අභිරහස් කාන්තා මරණය නිසා වැලිකඩ OIC ටත් වැඩ වරදී!

අභිරහස් කාන්තා මරණය නිසා වැලිකඩ OIC ටත් වැඩ වරදී!

ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තාවක් පොලිස් භාරයේ සිටියදී අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය  සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස්පතිවරයා නිර්දේශ කොට තිබේ.

 

මෙම නිර්දේශයට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයගේ අනුමැතිය මේ වන විට ලැබී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එම ස්ථාන මාරුව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ගයන් සදහන් කරයි.

 

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවයේ නියුතුව සිටියදී මුදුවක් සොරකම් කර ඇතැයි සැකපිට වැලිකඩ පොලිසිය විසින් 42 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණේ මැයි 11 වැනිදාය.

 

අදාළ කාන්තාව පොලිස් ස්ථානය තුළ දී හදිසියේම රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් වැලිකඩ පොලිසියේ පොලිස් නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම් කර ඇත.

views

293 Views

Comments

arrow-up