මුහුණු පොතෙන් කළ රැකියා ජාවාරම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

මුහුණු පොතෙන් කළ රැකියා ජාවාරම

මුහුණු පොතෙන් කළ රැකියා ජාවාරම

රුපියල් විසිතුන් ලක්ෂ හැත්තෑ නවදහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශය පවසයි.



එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට සිසු සිසුවියන් බඳවා ගන්නා බවට මුහුණුපොතේ දැන්වීමක් පළ කර එම පාඨමාලාව හැදෑරීම සඳහා එංගලන්තයට යැවීමට යයි පවසා පුද්ගලයකුගෙන් මෙම මුදල ලබාගෙන තිබේ.



එම වංචාවේ තැරැව්කරුවකු ලෙස කටයුතු කළ සැකකරුවකුව එළඹෙන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් රාජිකා ද සිල්වා මහත්මිය ඉකුත් 14 වැනිදා නියම කළාය. මුදල් හිමිකරුවන්ගෙන් පහර කෑමට ලක්වූ සැකකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
 

views

144 Views

Comments

arrow-up