වන විනාශයට එරෙහිව වන්නිලැත්තෝ උසාවි යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

වන විනාශයට එරෙහිව වන්නිලැත්තෝ උසාවි යයි

වන විනාශයට එරෙහිව වන්නිලැත්තෝ උසාවි යයි

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සැප්තැම්බර් මස 8 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) නියම කළේය.

 

මෙම පෙත්සම අද (02) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 8 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

 

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගා කිරිම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බව පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටී.

 

මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බවත්, එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන් වේ.

views

241 Views

Comments

arrow-up