රට යනවා කියා ගිය දොස්තරලා ගෙදර ඉඳන් නිකන් පඩි අරගෙන

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වෛද්‍යවරුන් සහ නිලධාරීන් විදේශ ගතවීම් සම්බන්ධයෙන් ඇති ක්‍රමවේදය ඉතා දුර්වල මට්ටමක පවතින බව ජාතික විගණන කාර්යාලය දැනුම් දී තිබෙනවා.
මෙම ක්‍රමවේදය හරහා වසරකට වෛද්‍යවරුන් පන්සියයකට ආසන්න පිරිසක් විදේශගත වන අතර ඔවුන් වසර දෙකක පමණ කාලයක් වැටුප් සහ දීමනා සමගින් විදේශ පුහුණුව ලබා ගනී.
මේ අතර මෙලෙස ශිෂ්‍යත්ව ලබා ලබාගත් වෛද්‍යවරුන්ගෙන් ඇතැමෙකු විදේශ ගත වන බව සඟවා සියලුම දීමනා සහ වැටුප් ලබාගෙන මෙරට ම රැඳී සිට ඇති බව අනාවරණය වී තිබෙනවා.
මෙම කරුණු සැලකිල්ලට ගෙන විදේශගත මේ පිළිබඳව අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කළ යුතු බව විගනන කාර්යාලය විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාට දැනුම් දී තිබේ.
983 Views
Comments