කොරෝනා සිරුරු බහාලීමට ගම්පහ රෝහලට නොමිලේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

කොරෝනා සිරුරු බහාලීමට ගම්පහ රෝහලට නොමිලේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි

කොරෝනා සිරුරු බහාලීමට ගම්පහ රෝහලට නොමිලේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි

කොවිඩ් වෛරසය ආසාදනයවීම හේතුවෙන් ගම්පහ දිස්ත‍්‍රික් මහරෝහලට ඇතුළත්වී සිට මියයන ආසාදිතයන්ගේ මළසිරුරු බහාලීම සඳහා කාඩ්බෝඩ් මිනීපෙට්ටි නොමිලයේ ලබාදීමට දෙකටන, නාරන්පොල යුනිඤූල් පැකේජින් පුද්ගලික ආයතනය කටයුතු යොදා ඇත.

 

ඒ අනුව එම රෝහලේ අවශ්‍යතාවය මත එම කාඩ්බෝඩ් මිනීපෙට්ටි නොකඩවා ලබාදීමට එම ආයතනය කටයුතු කරනු ඇත. 

 

මෙය සංකේතවත් කරමින් කාඩ්බෝඩ් මිනීපෙට්ටි 20ක් එම රෝහලට ප‍්‍රදානය කිරීම පසුගිය 22 වනදා සිදු කරන කෙරිණි. 

 

එම අවස්ථාවට ගම්පහ දිස්ත‍්‍රික් මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රියන්ත ඉලේපෙරුම, වෛද්‍ය සම්පත් කුලතිලක, යුනි-ඤූල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී බැනෙට් ගම්ලත්, නිෂ්පාදන කළමනාකාර නිරෝෂන් දයාවංශ, අලෙවි කළමනාකරු මංගල සුබසිංහ හා මූල්‍ය ප‍්‍රධානී ඉන්දික ඉලූක්කුඹුර යන මහත්වරු සහභාගී වී සිටියහ.

views

721 Views

Comments

arrow-up