“අනේ මං මැරේවි, පපුව රිදෙනවා කියා කෑගහපු දුව... කෑ ගහල නිශ්ශබ්ද වුණා. රෝහල් සේවකයො දරුවා රෝහලට ඇතුළත් කිරීම ප්‍රමාද කළා”
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

“අනේ මං මැරේවි, පපුව රිදෙනවා කියා කෑගහපු දුව... කෑ ගහල නිශ්ශබ්ද වුණා. රෝහල් සේවකයො දරුවා රෝහලට ඇතුළත් කිරීම ප්‍රමාද කළා”

“අනේ මං මැරේවි, පපුව රිදෙනවා කියා කෑගහපු දුව... කෑ ගහල නිශ්ශබ්ද වුණා. රෝහල් සේවකයො දරුවා රෝහලට ඇතුළත් කිරීම ප්‍රමාද කළා”

බුලත්සිංහල, අතුර රජයේ රෝහලේ කොවිඩ් භීතියෙන් තැතිගත් සේවිකාවන් හේතුවෙන් අසරණ රෝගීන්ගේ මරණ සිදුවන බවට චෝදනාකරමින් 200කට අධික පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.

 

මිල්ලකන්ද වත්තේ පදිංචිව සිටි අවුරුදු 18ක් වූ ආර්. දිල්රුක්ෂි නමැති තරුණියක් මිය යෑම හේතුවෙන් කම්පනයට පත්ව සිටි ඇගේ ඥාතීන් සහ හිතවතුන් රෝහලේ මිදුලට රැස්ව මහ හඬින් විරෝධය පළකර තිබේ. 

 

තරුණියගේ මව වන එම්. පෝති මහත්මිය මෙසේ පැවසුවාය. 


“අපේ දුවගේ ඇග මහතයි. ඒ වුනත් ඇය නැටුම්වලට දක්ෂයි. පාසලේදී නැටුම් වලට සම්මාන පවා ලැබිලා තියෙනවා.

දුව මිල්ල කන්ද ද්‍රවිඩ මධ්‍ය විද්‍යාලයේ 10 වසර තෙක් ඉගෙන ගත්තා. දුව හදිසියේ ලෙඩ වෙලා පපුවේ සෙම රෝගය මතුවෙලා රාගම රෝහලට අරන් ගිහින් සෙම් රෝගයට ප‍්‍රතිකාර කළා.

රාගම රෝහලේදී තමයි රෝගය පරීක්ෂා කොට හඳුනාගත්තේ. ලෙඩේ පාලනය වුනාට පස්සේ අපේ දුව 2021. 07. 04 දින ආපහු ආවා.

අපි අසරණ දුප්පත් කම්කරුවෝ. අපිව ජීවත් කරවන්න හිටපු දුව අකාලයේම අපිව අත් හැරලා යන්න ගියා.

22 වැනිදා දුවගේ ලෙඩේ ආපහු මතු වුණා. අපි දුවව අතුර රෝහලට අරගෙන ගියා.

 

රෝහල් සේවිකාවෝ කොවිඩ් නිසා දුව භාරගන්න ප‍්‍රමාද කළා.

කොරෝනා හදවලා අපිවත් ලෙඩ කරවන්නද හදන්නේ කියලා බැණ්නා. මෙහෙම පරක්කු වෙනකොට දුවගේ ලෙඩෙත් වැඩි වුණා.

අනේ මගේ පපුව රිදෙනවා මාව මැරෙන්න යනවා, අනේ මාව බේරගන්න කියලා දුව මහ හයියෙන් කෑගැහුවා.

බැරිම තැන අපි දුවව රෝහල ඇතුළට අරන් ගියා. එහිදී දුව මිය ගිහින් කියලා ඔවුන් කිව්වා.

 

මියගිය දිල්රුක්ෂිගේ පියා වන මායන්ඩි රමේෂ්

“අනේ මගේ පපුව රිදෙනවා” කියලා කෑගහපු දුව කෑගහලා නතර වුනාට පස්සෙ ඇයව පරීක්ෂාකළ වෛද්‍යවරයා කීව්වා දුව මිය ගිහින් කියලා. අනේ අපේ දුවව අපිට අහිමි වුණා.” යනුවෙන් පැවසීය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් අතුර රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී එච්. ඒ. එස්. කුඩලිගම මහතාගෙන් කල විමසීමකදී ඔහු පවසා සිටියේ, 


“අපේ පැත්තෙන් අවශ්‍ය කටයුතු සිදුනොකළා නොවේ. අපි රෝගියාව පරීක්ෂා කළා, එතකොටත් ඇය මිය ගිහින් හිටියේ.

අපේ ඇතැම් සේවිකාවන් කොවිඩ් රෝගයට ඇති බිය නිසා යම් යම් ප‍්‍රමාදයන් සිදු විය හැකියි.

යනුවෙන් පැවසීය.

views

7120 Views

Comments

arrow-up