නාමල්ගෙන් යොහානිට පොරොන්දුවක්

මැණිකේ මගේ හිතේ ගීතය තුළින් මෙරට තුල සහ විදේශයන්හි අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි දිලේකා ද සිල්වාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජය ඇයට හිමි නිසි ගෞරවය පුද කිරීමට නියමිත බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් යොහානිට ප්‍රශංසා කිරීමට කිසිදු පොදු උත්සවයක් පැවැත්වීමට රජයට නොහැකි වූ බවයි.
කෙසේ වෙතත්, කොවිඩ් තත්ත්වය තවදුරටත් යහපත් වූ පසුව ඇය වෙනුවෙන් නිල වශයෙන් රාජ්‍ය උපහාර උත්සවයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
792 Views
Comments