චීනයෙන් ඉන්දියාවට ප්‍රශංසා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

චීනයෙන් ඉන්දියාවට ප්‍රශංසා

චීනයෙන් ඉන්දියාවට ප්‍රශංසා

විදෙස් මාධ්‍ය විසින් අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සිටියදී රෝගාතුර වූ චීන ජාතිකයෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති පුවතක් වාර්තා කරයි.

 

 

එලෙස චීන ජාතිකයාව මුදාගෙන ඇත්තේ පැනමා ධජය රැගත් නෞකාවකින් බව විදෙස් මාධ්‍ය පවසයි.

 

 

වාර්තා වන්නේ අදාළ චීන ජාතිකයා හෘදයාබාධ රෝග ලක්ෂණ පෙන්වා ඇති බවයි.

 

 

ඒ අනුව මෙම මෙහෙයුම අදාළ නෞකාවෙන් හදිසි සහය ඉල්ලා සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය වෙරළාරක්ෂක භට කණ්ඩායමක් දියත් කර තිබුණි.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය ඉන්දීය වෙරළාරක්ෂක බලකායට ප්‍රශංසා කර ඇති බවයි.

 

views

236 Views

Comments

arrow-up