ගෑස් පිපිරී තුවාල ලැබූ අය පැය භාගයක් ජලයෙන් නහවා රෝහලට ගෙනයන්න - පුෂ්පා රම්‍යානි සොයිසා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

ගෑස් පිපිරී තුවාල ලැබූ අය පැය භාගයක් ජලයෙන් නහවා රෝහලට ගෙනයන්න - පුෂ්පා රම්‍යානි සොයිසා

ගෑස් පිපිරී තුවාල ලැබූ අය පැය භාගයක් ජලයෙන් නහවා රෝහලට ගෙනයන්න - පුෂ්පා රම්‍යානි සොයිසා

යම් කෙනෙකු ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත පිපිරීමකින් පිලිස්සුම් තුවාල ලැබුවහොත් පැය භාගයක කාලයක් ඇතුළත ඔහුව හෝ ඇයව ජලයෙන් නහවා පසුව රෝහල්ගත කිරීම ඉතා සුදුසු බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීම් හෙද නිලධාරී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවිය පැවැසුවාය.

 

මේ වනවිට ගෑස් පිපිරීම් වලින් එක් අයෙකු පිළිස්සුම් තුවාල ලබා හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයිද හෙතෙම සඳහන් කළාය.

 

වැඩි දුරටත් අදහස් දැක්වූ පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවිය,


“ගෑස් පිපිරීමකින් කෙනෙක් පිළිස්සුම් තුවාල ලැබුවොත් ඔහුව හෝ ඇයව පැය භාගයක් නාවන්න.

ඒ වගේම, ගෑස් පිපිරීමෙන් යම් කෙනෙක් ගිනි ජාලාවෙන් වෙලී ඉන්නවානම් ඔහුව ගෝනියකින් වෙලා බිම පෙරළවන්න.

ඉන්පසු ඔහුව පැය භාගයක් විතර නාවන්න. ඊට පසු ඔහුව වාහනයකින් පහසුකම් තියෙන රෝහලක් කරා ගෙන යන්න.

 

එසේම ඔබ උදේ පාන්දර ආහාර පිසීමට ගෑස් ලිප දල්වන්න යන්න කලින් මුළුතැන්ගෙයි දොර ජනෙල් අරින්න.

ඊට පස්සේ මුහුණ කට සෝදාගෙන එන්න. ඉන්පසු ගෙදර ලයිට් දාන්න. ඊට පස්සේ ගෑස් ගඳක් එනවාද කියලා බලන්න.

රෙගියුලේටරය සම්බන්ධ කරන ගෑස් ටැංකිය හා ගෑස් ලිප සම්බන්ධ වන ගෑස් බටය හරියාකාරව තියෙනවද කියලා බලන්න.

ගැටලූවක් නැත්නම් පමණක් ගෑස් ලිප දල්වන්න.”

views

735 Views

Comments

arrow-up