කුඩු ජාවාරම්කරුවෙකුව ගලකින් ගසා මරා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

කුඩු ජාවාරම්කරුවෙකුව ගලකින් ගසා මරා දමයි

කුඩු ජාවාරම්කරුවෙකුව ගලකින් ගසා මරා දමයි

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන සමන් කුමාර හෙවත් ඇල කපිල නැමැති 47 හැවිරිදි පුද්ගලයකුව දිවෙල, පල්ලේගම ප්‍රදේශයේ දී හිසට බ්ලොග් ගලකින් ගසාමරා දමා ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

 

 

මෙම පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 42 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පැවැසීය. ඝාතනයට ලක්වූ පුද්ගලයා හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ කසිප්පු පෙරා විකිණීමද කරගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

මීට අමතරව ඝාතනයට ලක් වූ පුද්ගලයා 2019 වසරේ දී සිදු වූ මනුස්ස ඝාතනයක් සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටින අයෙකු බවද පොලිසිය කියයි.

views

269 Views

Comments

arrow-up