ජනපති නිවසට ගිනි තැබූ බවට ශ්‍රී රංගා ට තවත් චෝදනාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජේ. ශ්‍රී රංගා මැයි 3 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර ඇත.
2011 වසරේ වවුනියාවේදී සිදු වූ මාරක රිය අනතුරක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.
185 Views
Comments