MAR
15
බදුලු කෝච්චිය ඇතුළු දුම්රිය කිහිපයක් අවලංගුයි

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට දුම්රිය රියදුරන්ගේ සංගමය තීරණය කර තිබුණද මේ හේතුවෙන් දුම්රිය මගීන් සිය ගණනක් අපහසුතාවට පත් වන බැවින් දුම්රිය කිහිපයක් පමණක් අවලංගු කරන බව ඔවුන් සඳහන් කර තිබේ.
227 Views
Comments