MAR
08
රාමසාන් වෙනුවෙන් රටඉඳි බද්ද රුපියලට බස්සයි

එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රටඉඳි සදහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සදහා මෙම බදු නිදහස් කිරීම අදාල වන බව ජනාධිපති කාර්යාලය පවසා සිටී.
214 Views
Comments