ජාතික ජන බලවේගයෙන් පන්දම් විරෝධතාවක්

ජාතික ජනබලවේගය විසින් ඊයේ රාත්‍රියේ ආණ්ඩුවට එරෙහිව බලංගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළෙහි පන්දම් දල්වමින් විරෝධතාවයක නිරත විය.
"ජනතාවට විදුලි සැර වද්දමින් අසාධාරණ ලෙස ඉහළ නැංවූ විදුලි බිල වහා පහත හෙළනු" යනුවෙන් සටන් පාඨ කිහිපයක් මුල්කරගනිමින් මොවුන් මෙසේ විරෝධතාව දැක්වූ බව වාර්තා වේ.
"ඇමතිවරුන්ට සහන ලබා දෙමින් ජනතාවට විදුලි සැර වද්දවා ඇති" මෙම ආණ්ඩුව පලවා හැර සුරක්ෂිත රටක් ගොඩනැගීම සඳහා සියළු දෙනා එක්වන්නැයි විරෝධතාකරුවන් එහිදී සඳහන් කළ බවද ආරංචි මාර්ග වාර්තා කර සිටී.
231 Views
Comments