වන්දනාවේ යන මුවාවෙන් පෙම්වතිය සමඟ සුපිරි රියෙන් කතරගමට කුඩු ඇද්ද ජාවාරමා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

වන්දනාවේ යන මුවාවෙන් පෙම්වතිය සමඟ සුපිරි රියෙන් කතරගමට කුඩු ඇද්ද ජාවාරමා මාට්ටු

වන්දනාවේ යන මුවාවෙන් පෙම්වතිය සමඟ සුපිරි රියෙන් කතරගමට කුඩු ඇද්ද ජාවාරමා මාට්ටු

වන්දනාවේ යන මුවාවෙන් මහා පරිමාණයේ මත්කුඩු බෙදා හරිනු ලැබූ මත්කුඩු ජාවාරම්කරුවන් තිදෙනකු හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 800ක් සහ අයිස් ග‍්‍රෑම් 07 යි මිලිග්‍රෑම් 100ක් සමඟ සෙල්ලකතරගමදී අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිසිය සමත් වී තිබේ.

 

පසුගිය 06 වනදා සැකකරුවන් මත්කුඩු බෙදා හැරීමට පැමිණි වැගන්ආර් වර්ගයේ මොටර් රථයද සමඟ මෙම අතඅඩංගුවට ගැනීම සිදුකර ඇත. 


ප්‍රධාන සැකකරුගේ පෙම්වතිය යැයි පවසන මරදන්කඩවල පදිංචි කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5300ක් සහ අයිස් මිලිග්‍රෑම් 3000ක් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

අනෙක් ජාවාරම්කරු වන්නේ උනන්විටිය, පාතවැලිවිටිය පදිංචි අයෙක් වන අතර ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5150 ක් හා අයිස් මිලිග්‍රෑම් 2000ක් සොයාගෙන ඇත. 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

653 Views

Comments

arrow-up