විවාහ මංගල්‍යයකදී බෑනා මාමාගේ ගෙල මිරිකා ඝාතනය කරයි

විවාහ මංගල්‍ය උත්සවයකදී ඇතිවූ පවුලේ ආරවුලක් මත පුද්ගලයෙකුගේ ගෙල මිරිකා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.
ඒ තිස්සමහාරාමය, විරහෙල ප්‍රදේශයේදීය.
විවාහ මංගල උත්සවයක් අතරතුර පවුලේ සාමාජිකයින් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මරණකරුගේ වැඩිමහල් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් ඊයේ (16) එම දියණියගේ පියාට පහරදී ගෙල මිරිකා එම ඝාතනය සිදුකර ඇත.
එලෙස මියගොස් ඇත්තේ, 54 හැවිරිදි පඩවිගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම ඝාතනය සිදුකරන ලද සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
26943 Views
Comments