අධික උණුසුම හේතුවෙන් ආරක්ෂක අංශ වලට සිදුවන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

අධික උණුසුම හේතුවෙන් ආරක්ෂක අංශ වලට සිදුවන දේ

අධික උණුසුම හේතුවෙන් ආරක්ෂක අංශ වලට සිදුවන දේ

උෂ්ණාධික කාලගුණ තත්ත්වය තරමක් යහපත් වනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරි වල නිරතවන්නන්ගේ සේවාමුර පිළිබඳව එම ආයතන ප්‍රධානීන් සිය අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍ය ආරියරත්න මහතා පවසයි.

 

 

මෙම අවදානම් කාල සීමාව තුළ අදාල පාර්ශ්ව වල සේවා මුර සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්‍ය බව ඔහු පෙන්වා දී ඇත.

 

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ අත්‍යවශ්‍ය රාජකාරී සිදුකරන පිරිස් සඳහා එම සේවා සිදුකරන ස්ථානවලදී, ලබාදී ඇති මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට අදාල ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවයි.

views

254 Views

Comments

arrow-up