අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව ගැනත් කතාබහක්

අද (27) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 ට ජගත් මානව හිමිකම් කවුන්සලයේ 52 වන සැසිවාරය ජිනීවා හිදී ආරම්භ වීමට නියමිතය. එය පවත්වනු ලබන්නේ අදියර කිහිපයක් යටතේය.
ජගත් මානව හිමිකම් කොමිසමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ පළමු අදියරයේදීම ශ්‍රී ලංකාව ගැන අවදානයට ලක් කිරීමට නියමිත අතර එය මාර්තු 8 සහ 9 දිනවල සලකා බැලෙනු ඇති බවයි.
මානව හිමිකම් කොමිසම විසින් 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට කරුණු 12 ක් සම්බන්ධයෙන් අවශ්‍ය සාධනීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වසර තුනක කාල සීමාවක් ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.
මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියා සිටියේ, මෙවර සැසිවාරයේ දී වසරක ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවනු ඇති බවයි.
237 Views
Comments