තෝප්පුව පාලමෙන් පැන්න සිසුවාගේ මළසිරුර හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

තෝප්පුව පාලමෙන් පැන්න සිසුවාගේ මළසිරුර හමු වෙයි

තෝප්පුව පාලමෙන් පැන්න සිසුවාගේ මළසිරුර හමු වෙයි

ජංගම දුරකථනයකට හානි කිරීම වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ මුදලක් ද රැගෙන නිවසින් පිටව ගොස් තෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න 17 හැවිරිදි සිසුවාගේ මළ සිරුර එම ස්ථානයේදී ම දින තුනකට පසුව ඊයේ හමුවූ බව වාර්තා වේ.

 

මා ඔයට පැන්න මෙම සිසුවාගේ මළ සිරුර සොයා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

 

පසුව සිසුවාගේ මළ සිරුර ඊයේ (14) පස්වරු 2.00 ට පමණ සොයාගත් බව කොච්චිකඩේ පොලිසිය සඳහන් කරයි. මෙලෙස සොයා ගත් සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමු මහ රෝහල වෙත යොමු කර ඇති බව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

views

179 Views

Comments

arrow-up