ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට කෝප් කමිටුවේ අප්‍රසාදය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට කෝප් කමිටුවේ අප්‍රසාදය

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට කෝප් කමිටුවේ අප්‍රසාදය

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී 2015 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැති බව අනාවරණය වී ඇත.

 

 

මේ බව හෙළි වී ඇත්තේ එම කොමිෂන් සභාවේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

 

 

කෝප් කමිටුව විසින් දිගින් දිගටම වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස  අවධාරණය කර තිබුණ ද 2015 වසරේ අවසන් වරට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවෙන් පසු මෙතෙක් වාර්තාවක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ එහිදී කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය අප්‍රසාදය පළ කර තිබේ.

 

 

මීට අමතරව කොමිෂන් සභාව මගින් ඉඩම් ලබාදීමේදී නිසි අනුපිළිවෙලක් සකසන ලෙස කාරක සභාව පසුගිය රැස්වීමේදී නිර්දේශ කළද තවමත් එහි කිසිදු ප්‍රගතියක් සිදුවී නොමැති බවද මෙහිදී නිරීක්ෂණයට ලක්ව ඇත.

 

 

එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගතවී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙසටද සභාපතිවරයා මෙහිදී අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

views

181 Views

Comments

arrow-up