කයිට්ස් හි ගින්නකට හසුවී කාන්තාවන් දෙදෙනක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

කයිට්ස් හි ගින්නකට හසුවී කාන්තාවන් දෙදෙනක් මරු දකී

කයිට්ස් හි ගින්නකට හසුවී කාන්තාවන් දෙදෙනක්  මරු  දකී

කයිට්ස්  ශාන්ත මේරි  මාවතේ නිවසක පිටුපස ගිනි ගැනීමක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙක් මිය ගොස් තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 74 සහ  72 වයස්වල පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි.

 

මෙම  කාන්තාවන් දෙදෙනා නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර  එක් කාන්තාවක් විවාහකය.  ඇයගේ සැමියා සහ පුත්‍රයා මිය ගොස් ඇති බවට හෙළි වී ඇත. ඒ  හේතුවෙන් ඇය තම අවිවාහක  සහෝදරිය සමග අදාළ නිවසේ ජීවත්ව සිට තිබේ. මෘත ශරීර  පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනයේ රෝහලේ තැන්පත් කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

views

217 Views

Comments

arrow-up