තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ මවක් වසර 25කට පසු නිදහස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ මවක් වසර 25කට පසු නිදහස් වෙයි

තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ මවක් වසර 25කට පසු නිදහස් වෙයි

2003 වසරේදී තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ මවක් වසර 25කට සිරගත කර තිබුණි.

 

 

ඇය ප්‍රසිද්ධව සිටියේ ඔස්ට්‍රේලියාවේ “දරුණුතම සමූල ඝාතක කාන්තාව” ලෙසින් වන අතර නව විද්‍යාත්මක සාක්ෂි අනුව නිගමනය කර ඇත්තේ ජානමය ගැටලුවක් මත එම දරුවන් මරණයට පත්වී ඇති බවයි.

 

 

ඔස්ට්‍රේලියානු බලධාරීන් කැත්ලීන් ෆෝල්බිග්ව එම කරුණු සලකා බලා නිදහස් කර තිබෙන අතර ඒ වනවිට ඇය සිරගත වී වසර 20ක් වන බව වාර්තා වේ.

 

 

ඇය තම දරුවන් ඝාතනය නොකළ බව ප්‍රකාශ කර තිබුණ ද එය වසර 20ක් යන තුරු සොයාගැනීමට නොහැකි වී තිබුණි.

 

 

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වූ අසාධාරණම නඩු තීන්දුවක් ලෙසට දැනට 55 හැවිරිදි වියේ පසුවන කැත්ලීන් ගේ සිදුවීම සඳහන් වේ.

views

263 Views

Comments

arrow-up