ටවර් හෝල් රඟහල පදනම විසින් නාට්‍යවේදී නාමාවලියක් එළි දක්වයි 
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

ටවර් හෝල් රඟහල පදනම විසින් නාට්‍යවේදී නාමාවලියක් එළි දක්වයි 

ටවර් හෝල් රඟහල පදනම විසින් නාට්‍යවේදී නාමාවලියක් එළි දක්වයි 

වසර විසිහයක් පුරා ටවර් හෝල් රඟහල පදනම සමග අත්වැල් බැඳගනිමින් දේශීය නාට්‍ය කලාවට මෙන්ම නෘත්‍ය සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටුකළ කෘතහස්ත සංගීතවේදියකු වන කලාභූෂණ ලයනල් ගුණතිලකයන් විසින් නෘත්‍ය සංගීත කලාව වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය අලලා චන්දි සුද්දත්චාරී මහත්මිය විසින් රචනා කරන ලද “ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය” නම් කෘතිය එළි දැක්වීමේ උත්සවය පසුගියදා (17) සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
 


මෙම වැඩසටහන විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි සංවිධාන කරනු ලැබ තිබෙන අතර දේශීය සංගීත, රංගන ක්ෂේත්‍රයන් හී අභිවෘධිය වෙනුවෙන් කටයුතු කළ කලා ශිල්පීන් ඇතුලත්, ටවර් හෝල් රඟහල පදනම විසින් නිෂ්පාදිත ටවර් නාට්‍යවේදී නාමාවලිය එළිදැක්වීම ද සිදු කොට තිබේ.


 
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සහ සංස්කෘතික අමාත්‍යංශ ප්‍රධානීන් ඇතුළු ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා, ප්‍රවීණ කලා ශිල්පීන් හා ප්‍රවීණ සාහිත්‍යවේදීන් රැසක් ද පැමිණ තිබේ.

views

230 Views

Comments

arrow-up