ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමේ නවතම තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමේ නවතම තොරතුරු

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමේ නවතම තොරතුරු

ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තුළ අද (04) දහවල් සිදු කළ වෙඩි තැබීම නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමට පැමිණි චූදිතයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් බවට සැක කෙරේ.

 

වෙඩි තැබීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගල්කිස්ස නීතිඥ සංගමයේ ලේකම් නීතීඥ ගීත්ම ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.

 

ඒ මහතා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණි තුවක්කුකරු විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

 

කෙසේ නමුත් වෙඩික්කාරගේ ඉලක්කය වැරදී යාම හේතුවෙන් විත්ති කූඩුවේ සිටි චූදිතයාට හානියක් සිදු වී නොමැත.

 

පසුව අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණි වෙඩික්කරු අහසට වෙඩි තබා පලා ගිය බව නීතිඥය ගීත්ම ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම සිදුවීම් වන අවස්ථාවේ විත්තිකරුවන් දෙදෙනෙක් සිටින නඩුවක් විභාග වෙමින් පැවැති බවත් එම අවස්ථාවේ චූදිතයන් දෙදෙනා ම විත්තිකූඩුවේ නැග සිටි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වීම නිසා මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු මද වෙලාවකට නතර වී ඇත.

 

අදාළ ප්‍රහාරය ඉලක්ක වූ චූදිතයා අපරාධ වලට සම්බන්ධ අයෙකු ද නැද්ද යන්න පිළිබඳව මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

 

views

73 Views

Comments

arrow-up