අරගලකරුවන් ජනපති මැදුරෙන් සොයාගත් මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

අරගලකරුවන් ජනපති මැදුරෙන් සොයාගත් මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න

අරගලකරුවන් ජනපති මැදුරෙන් සොයාගත් මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න

පසුගිය 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේ ජනාධිපති මන්දිරයේ තිබූ රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසක් වන මුදලක් පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු සිදු කළහ.

                                                                                     

එසේ අරගලකරුවන් විසින් සොයා ගෙන පොලිසියට භාර දෙන ලද රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසක් වන මුදල වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (28) දිනයේ කොටුව පොලිසියට නියෝග කර ඇත.

 

මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබුණේ අදාළ මුදල් භාර දී සති තුනකට ආසන්න කාලයක් ගත වුවද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

views

282 Views

Comments

arrow-up