ගුවන් සෙබලාගේ බොරු පැහැර ගැනීම් රඟපෑම අතේ පත්තු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

ගුවන් සෙබලාගේ බොරු පැහැර ගැනීම් රඟපෑම අතේ පත්තු වූ හැටි

ගුවන් සෙබලාගේ බොරු පැහැර ගැනීම් රඟපෑම අතේ පත්තු වූ හැටි

මඩකලපුව පිහිටි ගුවන් හමුදා කදවුරේ සේවයේ නියුතු ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු පැහැර ගිය බවට ඔහු විසින් සිදු කළ බොරු රඟපෑමට අදාළ ඔහුව වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව තහවුරු කළා.

 

ඔහු ඔන්ලයින් සූදූ ක්‍රීඩාවකට දැඩි සේ ඇබ්බැහි වී ඇති බවත් එම සූදු ක්‍රීඩාව සදහා මිතුරන්ගෙන් ලක්ෂ දෙකකට අධික මුදල් ලබා ගෙන නැවත එම මුදල් ගෙවීමට අපොහොසත් වීම මත ඔහු ගෙලවැලලාගෙන සියදිවි හානි කර ගැනීම සදහා පැමිණ සිටියදී මෙලෙස සොයා ගෙන තිබු බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ වාලච්චේන පොලිසිය තහවුරු කොට තිබුණා.ඒ සදහා ඔහු කඹයක්ද මිලදී ගෙන තිබුණා.

 

නිවාඩු ගොස් නැවත කදවුර වෙත එමින් සිටි තමා ඊයේ (27) රාත්‍රී 7.30 ට පමණ කදවුර වෙත යාම සදහා මඩකලපුව මංසන්දියෙන් බස් රථයෙන් බැස බවත් එහිදී තමාට නාදුනන පිරිසක් හිසට පහර දී වෑන් රථයක දමා ගෙන ගිය බවත් ඔහු පොලිසිය වෙත මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

views

582 Views

Comments

arrow-up